සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවී ඉන්නෙ නෑ
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා.
ගායනය - අමරා රණතුංග
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - දයාරත්න රණතුංග
අපි උදාන ගී අසා ඇත්තෙමු. සම්භාව්‍ය සාහිත්‍යයේ ද උදාන ගී විරල නැත. අමරා රණතුංග ගයන " සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ " සිංහල ගීත සාහිත්‍යයේ එන සුන්දර උදාන ගීයකි. පෙම්වතියකගේ උදාන ගීයකි.
පෙම්වතිය තමාට පෙම්වතෙකු සිටින බව පවසන්නේ සැළලිහිණියාටය. අප පිලිබඳ සතුටුදායක ආරංචියක් තවත් කෙනෙකුට පැවසීමේ නොතිත් ආශාවෙන් අපි සැවොම නොපෙලෙන්නෝ නොවෙමු ද? පෙම්වතිය සැළලිහිණියා හා සංවාදයෙන් සපුරා ගන්නේ ඒ සාමාජයීය අවශ්‍යතාවයි.එපමණක් නොව, සැළලිහිණියාට නොමැති යමක් තමන්ට ඇති බවද කියා උදම් අනයි.
පෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවී ඉන්නෙ නෑ
කිරිල්ලියකට කූඩුවෙන් මිදී යන්නට ආදරය මූලික කරුණක් වන බව ගීත රචකයා පවසන්නේ කෙතරම් සරලවද ? මේ පවසන්නේ මානව වර්ගයාගේ පැවැත්ම පිණිස ඇවැසිවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක ඇරඹුම නොවේද?
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්//
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.
" මේ ඔයා දන්නවද මට එක්කෙනෙක් ඉන්නවනේ. අනේ හැබැයි කාටවත් කියන්න එපා. මං ඔයාට විතරමයි කිව්වේ" තම හොඳ ම යෙහෙලියගේ උරහිසේ එල්ලී, විලියෙන් මුහුණ රතු කරගෙන, පෙම්වත් කෝල හිනාවකින් මේ ආරංචිය කියනා තරුණියකගේ චිත්ත රූපයක් අප හමුවේ මැවෙයි.
තරුණිය සැළලිහිනියාට ඊළඟට පවසන්නේ ඊටත් වඩා රහසකි.
අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා
මේ ඉඟි කරන්නේ දෙදෙනා ආදරයේ ඵල නෙලන බව නොවේ ද? ප්‍රේමයෙන් බැඳී " කූඩු" නම් සීමාවලින් මිදී ආදරයේ සුව විඳිනා පෙම්වතුනට වඩා සුන්දරත්වයක් ලොව වෙන කොහේද ඇත්තේ?
අමරා රණතුංගගේ සරල ගැමි හඬ හැර වෙනත් හඬක් මේ ගීයට ගැලැපේදැයි සැක සහිතය. දයාරත්න රණතුංගගේ සංගීතයද වදන් පෙලට ඉටු කර ඇත්තේ එවන්ම වූ සාධාරණයකි. එස්.එම්.එස්, වයිබර් සහ මුහුණුපොත හරහා බැඳෙන පෙම් සබඳතා ඇති යුගයක පවා මෙවන් ගීත යලි යලිත් අප හදෙහි නින්නාද නංවන්නේ වදන් පෙල, සංගීතය සහ ගායනය සුභාවිත වූ සඳ ගීයක් සදාතනික බව තහවුරු කරමිනි.
- පහන්

Review of The Slot Machines in San Francisco
ReplyDeleteThe slot machines in San Francisco's Marina District 룰렛 프로그램 are nothing 온라인 포커 추천 less 슬롯사이트 than the best 코인 일정 사이트 place to 벳 익스플로 어 play the California-San Francisco Casino and Hotel.